දීර්ඝ සතිඅන්තය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක්

දීර්ඝ සතිඅන්ත සහ පාසල් නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවනය හෙට (22) සිට ආරම්භ වේ.

දුම්රිය ගමනාගමන අධිකාරි එන්. ජේ. ඉඳිපොලගේ මහතා සඳහන් කළේ, කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වාත්, මහනුවර සිට බදුල්ල දක්වාත් විශේෂ දුම්රිය ධාවනය කෙරෙන බවයි.

කන්කසන්තුරය හා අනුරාධපුරය දක්වා ගමන් කරන මගීන් සඳහාත් විශේෂ දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක කරන බව දුම්රිය ගමනා ගමන අධිකාරි එන්. ජේ. ඉඳිපොලගේ මහතා ප්‍රකාශ කළේ ය.

කාලීන පුවත්