සිරි පා අඩවිය පොලිතීන් ප්ලාස්ටික් වලින් වනසනු එපා!

ලබන 26 වනදාට යෙදෙන උඳුවප් පෝ දිනයෙන් ඇරඹෙන ශ්‍රී පාද වන්දනාවට එක්වීමේදී එම පාරිසරික පද්ධතියට පොලිතින් ප්ලාස්ටික් බැහැර කිරීමෙන් වළකින ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලිමක් කරයි.එලෙස ප්ලාස්ටික්, පොලිතින් බැහැර කිරීම මඟින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජල පෝෂක කලාපයක් ද වන එම ස්වභාවික පරිසර පද්ධතියට මෙන්ම වන සතුන්ට ද දැඩි බලපෑමක් එල්ලවන බව එම අධිකාරිය පෙන්වා දෙයි.උදුවප් පොහොයෙන් ආරම්භ වී ලබන වසරේ වෙසක් පුර පසලොස්වක පොහොයෙන් අවසන් වන ශ්‍රී පාද වන්දනා සමය තුළ බැතිමතුන් විශාල පිරිසක් ශ්‍රීපාද ආශ්‍රිත ප්‍රදේශයට පැමිණෙන අතර පරිසරය දූෂණය වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවත් එය අතිශය හානිකර තත්වයක් බවත් එම අධිකාරිය පෙන්වා දෙයි.

කාලීන පුවත්