දුමින්ද සිල්වා ජ`පුර රෝහලේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා බන්ධනාගාර ගත කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාට නියෝග කොට ඇතත් මේ වන විට ඒ මහතා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ශ්‍රී ජයවර්ධන පුර රෝහලෙහි ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පවසයි.වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත දුමින්ද සිල්වා මහතා යම් කාලයක සිට එලෙස ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බව හෙ‌තෙම වැඩිදුරටත් ප්‍රකාශ කරයි.ප්‍රීති පද්මන් සුරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දීමට කටයුතු කළේ එවක ජනාධිපතිවරයා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා දුමින්ද සිල්වා මහතාට ලබා දුන් ජනාධිපති සමාව නීත්‍යනුකූල නොවන බව ප්‍රකාශ කරමිනි.ඒ අදාළ ජනාධිපති සමාවට එරෙහිව මියගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර, දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු වන නීතිඥ ගසාලි හුසේන් යන අය විසින් ඉදිරිපත් කළ පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව ය.

කාලීන පුවත්