නුවර වැවෙන් හමු වූ ඇලිගේටර් ගාර් මත්ස්‍යයා අනතුරුදායක පෙරනිමිත්තක්

අප රටේ ජලාශ වල ඇලිගේටර් ගාර් මත්ස්‍යයන් විශාල ගහනයක් මෙතෙක් දක්නට නොහැකි වුව ද නුවර වැවෙන් එම මත්ස්‍යයකු වාර්තා වීම සිද්ධිය වුව අනතුරුදායක පෙරනිමිත්තක් සේ සැලකිය යුතු බව පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පවසයි.ඔහු වැඩිදුරටත් පවසනුයේ ජල ජීවී පරිසර පද්ධනීන්ට බරපතල හානියක් සිදු කරන මෙවැනි විලෝපිකයන්ගෙන් දේශීය මසුන්ට සිදු වන අනතුර ගැන ධීවර අමාත්‍යාංශය දැනුවත් කළ ද මෙතෙක් නිසි පියවරක් ගෙන නොමැති බවකි.එමෙන්ම පරිනාමය නොවූ සත්ව විශේෂයකට අයත් ඇලිගේටර් ගාර් මත්ස්‍යයකු නුවර වැවෙන් වාර්තා වීම හුදෙකලා තත්වයක් ලෙස නොසලකා මේ ගැන පරිසර අමාත්‍යාංශය, වනජීවී දෙපාර්තමේන්තුව වගේ වගකිවයුතු ආයතන ද සොයා බැලිය යුතු බව ද ජගත් ගුණවර්ධන මහතා අවධාරණය කරයි.

කාලීන පුවත්