පාඨලී පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙයි

තමන් සමගි ජන බලවේගයෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවට ඊයේ(08) දැනුම් දී තිබේ. තමන් ඒ බව සමගි ජන බලවේග නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ට ලිඛිත දැනුම්දුන් බවද මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.තමන් සමගි ජන බලවේගයට එක්වූයේ දේශපාලන සන්ධානයකට එක්වීමේ පදනමින් අවබෝධතා ගිවිසුමකට අනුව බවත් මෙම ස්වාධීන වීම එම අවබෝධතා ගිවිසුමේ හරයට අනුකූල බවත් චම්පික රණවක මහතා මෙහිදී කියා සිටියේය.මේ අවස්ථාවේ දී පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයට ද වෙනදාට වඩා වගකීම් සහගතව හා ප්‍රායෝගිකව කටයුතු කිරීමට සිදුව තිබෙන බවද චම්පික රණවක මහතා කියා සිටියේය.

කාලීන පුවත්