සහල් හිඟයක් මවා පා පාරිභෝගිකයන් ගසා කෑමක්

මේ වන විට වෙළඳ පලේ සහල් හිඟයක් පවතින බව පවසමින් ඇතැම් වෙළඳුන් අධික මිලට සහල් විකිණීම සිදු කරන බවට පාරිභෝගිකයෝ මැසිවිලි නඟති.නමුත් පාරිභෝගික අධිකාරිය සදහන් කරනුයේ උපරිම මිලට යටත්ව ව්‍යාපාරිකයින් සහල් අලෙවි කළ යුතු බවකි. සහල් වලට උපරිම මිල නියම කරමින් පසුගිය මැයි 2 වැනිදා නිකුත් කළ ගැසට් පත්‍රයේ කිසිදු සංශෝධනයක් අවලංගු කිරීමක් හෝ පවතින සහල් මිල වැඩිකිරීමක් සිදුකර නොමැති බව එම අධිකාරිය දැනුම් දෙයි.ඒ අනුව නාඩු සහල් කිලෝවක් රුපියල් 220 ක් ද සම්බා සහල් කිලෝවක් රුපියල් 230 ක් ද කිරි සම්බා සහල් කිලෝවක් රුපියල් 260 ක් ද වන ලෙස උපරිම මිලට යටත්ව අලෙවි කළ යුතු බවත් ඊට වඩා වැඩි මිලට සහල් අලෙවි කරන පුද්ගලයන් සොයා දිපව්‍යාප්ත මට්ටමින් වැටලීම් සිදු කෙරන බවත් එම අධිකාරිය දැනුම් දෙයි.

කාලීන පුවත්