පාසල් විවෘත කළත් ඉගෙනුම අඩාලයි

පලාත් සභා යටතේ පාලනය වන සිසුන් දෙසීයකට වඩා අඩු පාසල් 3800ක් මාස හයකට පසුව අද දින(21) විවෘත කිරීමට රජය කටයුතු යොදා තිබුණ ද පවතින ගුරු විදුහල් පති වර්ජනය හේතුවෙන් එම බොහෝ පාසල් වල අධ්‍යාපන කටයුතු සිදු කිරීමට ප්‍රමාණවත් ගුරු-සිසු පිරිසක් පැමිණ නොසිටි බව වාර්තා වෙයි.

එම ඇතැම් පාසල් සඳහා අනුයුක්ත කොට සිටි අභ්‍යාස ලාභී ගුරුවරුන් සේවයට වාර්තා කළ ද එම පාසල් වලට ප්‍රමාණවත් සිසුන් පිරිසක් පැමිණ නොසිටීම මත ඒවායේ අධ්‍යාපන කටයුතු ද නිසි පරිදි පවත්වා ගෙන යාමට නොහැකි වී තිබේ.

කාලීන පුවත්