පොදු පෙරමුණට ජනපති අපේක්ෂකයන් හතර පහක්ම ඉන්නවා

ප‍්‍රාදේශීය සභාවකටවත් ඉදිරිපත් කිරීමට අපේක්ෂකයන් සොයා ගැනීමට නොහැකි වනු ඇතැයි ඇතැමුන් වහසි බස් දෙඩූ කවදත් මෙරට පොදු ජනතාවගේ ආදර ගෞරවයට පාත්‍ර වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විට වේගවත් ඉදිරි ගමනකට මුල පුරා ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මේ වන විට ජනාධිපතිවරණ අපේක්ෂකයන් හතර පස් දෙනෙකුම සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියයි.එමෙන්ම ඒ සඳහා තෝරා ගන්නා අපේක්ෂකයා ඉදිරියේ දී පක්ෂය විසින්ම තීරණය කරනු ඇතැයි ද ඒ මහතා කියයි. ඒ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙවර මැයි දිනය කොළඹ කැම්බල් පිටියේ සාර්ථක ලෙස පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ද කියයි.

.

කාලීන පුවත්