“පොදු පෙරමුණු ජාතික සංවිධායක කම නාමල්ට දෙන්න බෑ” බැසිල් කියලා

මේ වන විට හිස්ව තබා ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ලබාදීම පිණිස මහින්ද රාජපක්ෂ මහතාට ලැදි පක්ෂයේ ප්‍රබලයන් කිහිප දෙනකු සැරසුණ ද බැසිල් රාජපක්ෂ මහතා ඊට දැඩි විරෝධය එල්ල කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.එම පාර්ශවය විසින් මෙවර සම්මේලනයේදී සහ විධායක සභාවේදී නාමල් රාජපක්ෂ මහතා එම තනතුර සඳහා යෝජනා කිරීමට නියමිතව තිබුණද ඊට එල්ල වූ විරෝධය හමුවේ එම යෝජනාව අනුමත කිරීම දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවද වාර්තා වේ.බැසිල් රාජපක්ෂ මහතා විදේශගත වන නිසා පක්ෂයේ විධායක සභාවද දීර්ඝ කාලයකට පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී පසුගිය සෙනසුරාදා රැස් වූ අතරඑහිදී පක්ෂයේ තනතුරු කිහිපයක් සඳහා පමණක් නම් යෝජනා වූ අතර ජාතික සංවිධායක තනතුර හිස්ව තැබීමට යෝජනා කිරීමද විශේෂත්වයකි.නමුදු මේ වන විට රාජපක්ෂ පවුල් දේශපාලනය කෙරෙහි රටේ පොදු ජනතාව මෙන්ම පාක්ෂිකයන් ගෙන් සැලකිය යුතු පිරිසක් මහත් කලකිරීමකට පත්ව ඇති නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නව මුහුණු වරකින් ජනතාව අතරට ගෙන යා යුතු බවක් පක්ෂයේ පසු පෙළ තරුණ මන්ත්‍රී වරු පිරිසක් කියති.

 

කාලීන පුවත්