බලාගාර වලට ඩීසල් දැවි තෙල් ඇත්තේ අදට විතරයි

විදුලි බලාගාර තුළ විදුලිය උත්පාදනය සඳහා ප්‍රමාණවත් ඩීසල් හා දැවි තෙල් තොග ඇත්තේ අද(26) දිනයට පමණක් බව ලංකා විදුලි බල මණ්ඩල අතිරේක සාමාන්‍යාධිකාරී මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි මහතා සඳහන් කරයි. විදුලිය උත්පාදනය සඳහා කැලණිතිස්ස බලාගාර සංකීරණයට විදුලිය උත්පාදනය සඳහා ලබාදුන් ඩීසල් තොග සහසපුගස්කන්ද හා කොළඹ වරායේ පාවෙන බලාගාරය සඳහා දැවි තෙල් ප්‍රමාණවත් වන්නේ අද දිනයට පමණක් බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුවත් කර ඇති බවත් ඇණවුම් කළ ඩීසල් හා දැවි තෙල් අද දිනයේ නොලැබුණහොත් විදුලිය කප්පාදුවකට යාමට සිදුවන බවත් නවමුනි මහතා කියයි.

කාලීන පුවත්