මන්ද පෝෂණය දුරලන්න මත්පැන් හල් වැසිය යුතුයි නැතිනම් අරක්කු මිල අඩු කළ යුතුයි

මෙරට මන්ද පෝෂණය අඩු කර ජනතාවට තුන්වේල කන්න දීමට අවශ්‍ය නම් රජය මත්පැන් හල් වසා දැමීම හෝ අරක්කු මිල අඩු කිරීම යන දෙකෙන් එකක් කළ යුතු බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ දවස පුරා වෙහෙස වන පුද්ගලයන් හවස් වරුවේ මත්පැන් ස්වල්පයක් පානය කිරීම පුරුද්දක් කර ගෙන ඇති බවකි.එහෙත්,වර්තමානයේඅරක්කු මිල ඉහල ගොස් තිබීම හේතුවෙන් පුද්ගලයන් අරක්කු බිවු පසු ගෙදරට අරන් යන්න මුදල් ඉතුරු නොවෙන බවත් ඒ හේතුවෙන් දරු පවුලට ආහාර සපයා ගැනීමේ ගැටලුවක් මතු වන බවත් හෙතෙම කියයි.කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

කාලීන පුවත්