මහ කන්නයේ වී වගා කරන ගොවීන්ගේ අඩුවක්

වර්තමානයේ පවත්නා පොහොර අර්බුදය මත හට ගත් අවිනිශ්චිතතාව මුල් කොට ඇතැම් ගොවීන් මෙවර මහ කන්නයේ වී වගාවෙන් ගොවීන් ඉවත් වීමේ නැඹුරුවක් දක්නට ලැබෙන බව ගොවි ජන සේවා දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

රජය පවසන ආකාරයට මෙතෙක් රසායනික පොහොර මඟින් කරනු ලැබූ වී ගොවිතැන එක් වරම කාබනික ගොවිතැනක් බවට පත් කිරීම අතිශය අවදානම් සහගත කටයුත්තක් බවත් එමඟින් පෙර පුරුදු අස්වනු නොලැබෙනු ඇතැයි සිතීම මත තමමෙවර මහ කන්නයේ වගා කටයුතු වලින් ඉවත් වන බව එම ගොවීන් පවසන බවත් එම දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම ඉදිරි මහ කන්නයේ අපේක්ෂිත අස්වැන්න නොලැබී පාඩු සිදු වුවහොත් ඒ සඳහා ගොවීන්ට වන්දි ලබා දෙන බවට රජය කරන ප්‍රකාශය කිසිදු ප්‍රමිතියක්,පදනමක් නොමැති කට වචනයක් බව එම ගොවීන්ගේ අදහස බව ද පෙන්වා දෙන එම ආරංචි මාර්ග වැඩි දුරටත් පෙන්වා දෙනුයේ මේ වන විට වී වගාව සඳහා යොදා ගන්නා හෙක්ටයාර් ලක්ෂ අටක් පමණ වන කුඹුරු ප්‍රමාණය ඉදිරි මහ කන්නයේ දී ලක්ෂ හය පමණ තෙක් අඩු විය හැකි බවය.

එමෙන්ම ඉදිරි මහ කන්නයේ වී වගා කරන ගොවීන් ලබන අස්වනු අනුව ඊළඟ යල කන්නයේ සිට යළි තමන් වී වගාවට යොමු වන බවට එම ගොවීන් පවසන බව ද එම දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

කාලීන පුවත්