මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේදී සිදුවූ දුම්රිය පීලිපැනීම හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනයට තවදුරටත් බාධා එල්ල වී තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කොළඹ කොටුවේ සිට දකුණු කළුතර බලා ඊයේ (19) රාත්‍රී 7.15 පමණ ධාවන වූ සීඝ්‍රගාමී දුම්රිය කොටුව හා කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථාන අතරදී පීලිපැනීමට ලක්ව ඇති බවයි.

මේ හේතුවෙන් මුහුදු බඩ මාර්ගයේ මාර්ග දෙකම අවහිර වී ඇති අතර දුම්රිය පීලිගත කිරීමේ කටයුතු තවදුරටත් සිදුකරමින් සිටින බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ ඉඳිපොලගේ මහතා සඳහන් කරයි.

දුම්රිය පීලිපැනීම හේතුවෙන් ඊයේ රාත්‍රී ගාල්ල තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය ගමන්වාර 4ක් අවලංගු කර තිබේ.

කාලීන පුවත්