වියලි උණුසුම අතරේත් සවස වැසි

අද(20) දිනය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින මුත් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.මේ අතර මේ දිනවල පවත්නා දැඩි වියලි උණුසුම් කාලගුණය හමුවේ පීඩාවට පත් වීමේ වැඩි අවදානමක් සහිත පාර්ශවයන් සහ ගෘහස්ථ සතුන් කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කළ යුතු බව සෞඛ්‍ය හා පශු වෛද්‍ය අංශ පෙන්වා දෙයි.

කාලීන පුවත්