යූරියා මිටිය රුපියල් 9000 ට බසී

යූරියා මිටිය රුපියල් 9000 ට බසී ලබන ජූනි 15 වනදා සිට යූරියා කිලෝ 50 මිටියක් රුපියල් 9,000කට ගොවීන්ට ලබාගත හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.රුපියල ශක්තිමත් වීමේ වාසිය ගොවි ජනතාවට ලබාදීමේ අරමුණින් කෙරෙන මෙම මිල අඩු කිරීම යටතේ ගොවීන්ට යූරියා මිටියකින් රුපියල් 1000ක සහනයක් හිමි වන බව ද කෘෂිකර්ම අමාත්‍ය වරයා කියයි.ඔහු මේ බව කියා සිටියේ අද (31) දින අම්බලන්තොට ගොවි ජනසේවා මධ්‍යස්ථානයේදී ගොවීන්ට අවශ්‍ය පොහොර ලබාගැනීම වෙනුවෙන් වවුචර් පත් ලබාදීමේ අවස්ථාවට එක් වෙමිනි.

කාලීන පුවත්