රජයේ සේවකයන් සිකුරාදා ගෙදර සිට වැඩ කිරීම ලබන සතියේ සිට

පවතින ඉන්ධන අර්බුදය හමුවේ රාජ්‍ය සේවකයින්ට සිකුරාදා නිවසේ සිට වැඩ කිරීමට ඉඩ ලබා දීම ලබන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් රාජ්‍ය සේවකයින්ට සේවා ස්ථාන වලට යාම් ඊම් වල දී අතිරේක වියදමක් දැරීමට සිදුවීම ද මෙයට හේතු වන බව පෙන්වා දෙන ඇමති වරයා සිකුරාදා දින වල නිවසේ සිට කෘෂිකර්මික කටයුතුවල නිරතවීමට අවශ්‍ය සහයෝගය ද රාජ්‍ය සේවකයන්ට ලබාදෙන බව වැඩිදුරටත් සඳහන් කළේය.

කාලීන පුවත්