රතු කැකුළු රු:197 සහ සුදු නාඩු රු:199 බැගින් සහල් බෙදා හැරෙයි

මේ දිනවල සහල් මිල ජනතාවට දරා ගත නොහැකි අන්දමින් ඉහළ යාමට විසඳුමක් ලෙස වී අලෙවි මණ්ඩලය සන්තකයේ ඇති වී මෙට්‍රික් ටොන් 43000 තොගය සහල් වශයෙන් වහාම වෙළඳ පලට නිකුත් කිරීමට රජය කටයුතු යොදා තිබේ.ඒ අනුව රතු කැකුළු සහල් කිලෝව රු:197 සහ සුදු නාඩු සහල් කිලෝව රු:199 බැගින් දිවයින පුරා සතොස,සමූපකාර සහ තෝරා ගත් සුපිරි වෙළඳ සල් ජාල මඟින් ජනතාවට ලබා ගැනීමට කටයුතු යොදා ඇතැ‍යි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

කාලීන පුවත්