පුරන් කුඹුරු හෙක්ටයාර් ලක්ෂයක් වගාව සඳහා රජයට පවරා ගැනෙයි

කලක් තිස්සේ වගා නොකර අත්හැර දමා ඇති දිවයින පුරා පිහිටි පුරන් කුඹුරු ඉඩම් ආහාර බෝග වගා කිරීම සඳහා වසර 05 කට රජයට පවරාගන්නා බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් එවැනි ඉඩම් හඳුනාගෙන ඒවා ඉඩම් නොමැති පුද්ගලයින්ට වගා කිරීම සඳහා පවරා දෙන බව එම අමාත්‍යංශය සඳහන් කරයි. එහිදී වගා කිරීමට උනන්දුවක් දක්වන තරුණ ප්‍රජාවට ප්‍රමුඛතාව ලබාදෙන බව ද කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරන අතරේ ගොවිජන සේවා පනතේ සඳහන් අන්දමට එවැනි ඉඩම් වහා කටයුතු සඳහා රජයට පවරා ගැනීම සම්බන්ධ ප්‍රතිපාදන ඉඩම් අත්පත් කර ගැනීමේ පනත තුළ ද ඇතුළත් වන බව නීති අංශ පෙන්වා දෙයි..නමුත් මෙම පවරා ගැනීම් මඟින් ඒවායේ හිමි කරුවන්ගේ භුක්තිය මිස අයිතිය අහිමි නොවන බව ද සඳහන් වේ.දැනට ඇස්තමේන්තු කර ඇති පරිදි දිවයින පුරා පුරන් බවට පත් කුඹුරු හෙක්ටයාර ලක්ෂයකට වඩා පවතින බව කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

කාලීන පුවත්