“විසි එක” අද යළි කැබිනට්ටුවට

21 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් අද(13) යළි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත ය.යෝජිත සංශෝධනය පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ ද එම කෙටුම්පතට අනුමැතිය ලැබී නොතිබුණු අතර ඊට තවදුරටත් සංශෝධන ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කොට තිබේ.එම සංශෝධන වලට අදාළ ප‍්‍රධාන කරුණු රැසක් සම්බන්ධයෙන් මේ වන විට සියලු පාර්ශ්ව අතර පොදු එකඟතාවකට පැමිණ ඇති බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පක්ෂ නායකයින් කිහිප වතාවක්ම අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා කළ බවත් සඳහන් වෙයි..

කාලීන පුවත්