රටේ ජනතාව කබලෙන් ලිපට වැටී සිටිය දී කපුටන්  සහ මයිනන්  නැවත නැඟිටින්න හදනවා

රටේ ජනතාව කබලෙන් ලිපට වැටී සිටින මොහොතක කපුටන්  සහ මයිනන්  නැවත නැගිටීමට උත්සහ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.ගව සම්පත සුරකින සම්මේලනයේදී රට බංකොලොත් කළ ප්‍රධානියා විසින් සමගි ජන බලවේගය අවශ්‍ය අවස්ථාවේදී වගකීම බාර නොගෙන මේ වන විට ජනාධිපති සිහිනයක ගිලී සිටින බව පැවසූ බවත්  රට බංකොලොත් කළ පොහොට්ටුවේ කණ්ඩායමක් සමඟ රට හදන්න බැරි නිසා තමන්  එසේ වගකීම භාර ගැනීමට කැමැත්ත පළ නොකළ බවත් පැවසූ  විපක්ෂ නායක වරයා ප්‍රමුඛ සමගි ජන බලවේගය රට භාර ගන්නේ ජනතා වරමකින් පමණක් බවත් පැවසීය.විපක්ෂ නායක වරයා මෙසේ පවසා සිටියේ බියගම ආසනයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.

කාලීන පුවත්