මහින්දගේ අත් වල ලේ නැති වුණාට අල්මාරියේ ඇට කටු තියනවා

පසුගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමුළුවේදී තමන්ගේ අත්වැල ලේ තැවරී නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසූ මුත් අල්මාරියේ ඇටකටු තිබෙන බව සමඟි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කීය.ඒ, අද (18) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී ය.”මහින්ද කියනවා අත්වල ලේ තැවරිලා නෑ කියලා. එයා ජනාධිපති මල්ලි ආරක්ෂක ලේකම් ඉන්න කාලේ ලසන්ත වික්‍රමතුංග,කීත් නොයාර්,පෝද්දල ජයන්ත ඇතුලු පිරිසකට පහර දුන්නා. මහින්දගේ අත්වල ලේ නැති උනාට ඇල්මරියේ ඇටකටු තියෙනවා.තාජුඩින්,ලසන්ත,එක්නැලිගොඩ ඇතුළු නඩු ඉස්සරහට නොගියේ ඇයි කියලා වික්‍රමසිංහ, මෛත්‍රීපාල දන්නවා. මේවා දේශපාලන ඝාතන.” යනුවෙන් ද මුජිබර් රහුමාන් මහතා කීය.

කාලීන පුවත්