පළාත් 06ක අද සිට විශේෂ මදුරු මර්දන වැඩසටහනක්

දිවයිනේ පළාත් හයක් ආවරණය වන පරිදි අද (18) සිට විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

ඒ, අනුව බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, උතුර සහ නැගෙනහිර පළාත්වල අද (18) සිට දින 05ක් මෙම මදුරු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි එම ඒකකය පැවසුවේ.

මෙම වසරේ ගතවූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 82,036ක් සහ මරණ 49ක් වාර්තා වන අතර, පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය මත ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීම ද ඉහළ ගොස් තිබේ.

කාලීන පුවත්