රනිල් ගෙන් අනුරට ලියුමක්

සර්ව පාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යවමින් සඳහන් කර ඇති බව වාර්තා වෙයි .ඒ ජාතික ජනබලවේගය විසින් ජනාධිපති වරයා වෙතට යොමු කළ ලිපියට පිළිතුරු ලෙසිනි. සර්ව පාක්ෂික පාලනයක් වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජවිපෙ , ජාතික ජනබලවේගය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාට අතර සාකච්ඡාවක් සඳහා ඉකුත්09 වන දින නියමව තිබූ නමුත් අවසන් මොහොතේ එම හමුව අවලංගු වූ අතර අදාළ සාකච්ඡාවට සම්බන්ධ සිය යෝජනා ඇතුළත් ලිපියක් ජාතික ජනබලවේගය පක්ෂය විසින් ජනාධිපති වික්‍රමසිංහ වෙත යොමුකර තිබිණ .”අදාළ සාකච්ඡා සඳහා සම්බන්ධ නොවීමට ඔබ විසින් ගෙන ඇති තීරණයට මගේ කණගාටුව පළ කරමි”යනුවෙන්ද ජනාධිපතිවරයා අනුර දිසානායකට යැවූ ලිපියේ සඳහන් කොට තිබේ.ඒ සම්බන්ධයෙන් ජාතික ජන බලවේග ආරංචි මාර්ග සඳහන් කරනුයේ ජනාධිපති වරයා හමුවීම සම්බන්ධයෙන් මතු වූ ප්‍රතිපත්තිමය ගැටළුවක් නිසා අවසන් මොහොතේ ඒ හමුවීම අවලංගු වූ බවකි.

Uncategorized