ලබන 5 වැනිදා සිට ලිට්‍රෝ ගෑස් මිල තවත් පහළට

ලබන මස 5 වැනිදා සිට ලිට්‍රෝ ගෑස් මිල තවදුරටත් අඩු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (26) පැවසීය.ඒ පිට පිටම සිවුවැනි වරටත් මිල අඩු කිරීමක් ලෙසිනි.ලිට්‍රෝ ගෑස් මිල අවසන් සංශෝධනයේදී කිලෝග්‍රෑම් 12.5 ගෑස් සින්ඩරයක මිල රුපියල් 452 කින් අඩු වූ අතර මෙවර කිලෝග්‍රෑම් 12.5 ගෑස් සින්ඩරයක මිල අඩු වන මුදලට සාපේක්‍ෂව සෙසු සිලින්ඩර දෙකේ මිල ද අඩු කිරීමට නියමිතය.නමුත් පසුගිය කාලයේ ගෑස් මිල ඉහළ යාමට සාපේක්ෂව ඉහළ ගිය පිසූ ආහාර මිල ගණන් මේ වන විටත් ඊට සරිලන ලෙසින් අඩු වී නොමැති බවට පාරිභෝගිකයෝ මැසිවිලි නඟති.

කාලීන පුවත්