වන අලින් ගේ වාසභූමි සංවර්ධන වැඩට දෙන්නේ නෑ

වන අලින් ගැවසෙන ඔවුන්ගේ වාසභූමි වලට අයත් ඉඩම් සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා නොදීමට දැඩි තීන්දු තීරණ ගන්නා බව වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි. ඇමති වරයා පවසනුයේ වර්තමානයේ මිනිස් අලි ගැටුම ශීඝ්‍රයෙන් වර්ධනය වීමට බලපාන මූලිකම හේතුව විවිධ මිනිස් ක්‍රියාකාරකම් නිසා වන අලින් ගේ ස්වාභාවික වාස භූමි දිනෙන් දින අහිමි වෙමින් පැවතීම බව ද ඇමති වරයා වැඩි දුරටත් පවසයි.ලෝක වන අලි දිනය අදට(අගෝස්තු 12) යෙදී ඇති අතර මෙම දුලබ සහ අගනා වන ජීවියාගේ මතු පැවැත්ම තහවුරු කෙරෙන කිසිදු තිරසාර වැඩ පිළිවෙලක් මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බව ද පරිසරවේදීන් සහ සත්ව හිමිකම් ක්‍රියාධරයෝ පෙන්වා දෙති.

කාලීන පුවත්