විජය කුමාරතුංගයන්ගේ 36 වැනි ගුණ සමරුව හෙට

දිවංගත විජය කුමාරතුංගයන්ගේ 36 වැනි ගුණානුස්මරණ උලෙළ හෙට (16) සවස 2.00 සිට කොළඹ නව නගර ශාලාවේ දී පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇති බව ජාතික මහජන සහෘද සංසදයේ නියෝජිත මාදම්පාගම අස්සජි හිමියෝ පැවසූහ.නවම් විරු සැමරුම ලෙස මේ සැමරුම නම් කරමින් දිවංගත විජය කුමාරතුංගයන් ප්‍රධාන,පොහොද්දරමුල්ලේ පේමාලෝක නායක හිමි, ඔසී අබේගුණසේකර, දේවබණ්ඩාර සේනාරත්න මහත්වරුන් ඇතුළු එකසිය ගණනක් ජීවිතක්ෂයට පත් කළ සිද්ධිය ජාතික මහජන සහෘද සංසදය මඟින් සැමරීම සිදු කරන බව ද උන්වහන්සේ ප්‍රකාශ කළහ.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් උන්වහන්සේ මේ බව ඊයේ (14) පැවසූහ.

කාලීන පුවත්