විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව වෘත්තීය සමිති සන්ධාන ගත වෙයි

විදුලි ගාස්තු වැඩි කිරීමට ගත් තීරණයට එරෙහිව කටයුතු කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි. එහි කැදවුම්කරු රංජන් ජයලාල් පැවසුවේ ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති සහ තවත් වෘත්තීය සමිති කිහිපයක් රැස්වී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.

විදුලි ගාස්තු සියයට 66 කින් ඉහළ දැමීමට අනුමැතිය ලබාදෙමින් මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් විදුලිබල මණ්ඩලයට ඊයේ ලිඛිතව දැනුම් දෙනු ලැබුවා. ඒ, එම කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඇතුළු සාමාජිකයන් තිදෙනාගෙන් අත්සනින් යුත් ලිපියක් නිකුත් කරමින්.

එමෙන්ම මුල් ඒකක 30 සඳහා ස්ථාවර ගාස්තුව රුපියල් 400 දක්වාත්, ඒකක 31 සිට 60 දක්වා කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 550 දක්වාත් ,ඒකක 61 සිට 90 දක්වා කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 650 දක්වාත් වැඩි කර තිබේ. එමෙන්ම ඒකක 91 සිට 120 දක්වාත් ඒකක 121 සිට 180 දක්වාත් ස්ථාවර ගාස්තුව වැඩිවී ඇත්තේ රුපියල් 1500 කින්. ඒ අනුව කිසියම් නිවසක ඒකක 90 ක් භාවිත කළහොත් ආසන්න වශයෙන් එම නිවසට රුපියල් 3,700 කට අධික විදුලි බිලක් ලැබෙනු ඇති බවයි පැවසෙයි.

කාලීන පුවත්