“ශක්තිමත් ආර්ථිකයක් – ජයග්‍රාහී ගමනක්”නව සන්ධානයේ මංගල ජන රැළිය සාර්ථකයි

ශක්තිමත් ආර්ථිකයක් – ජයග්‍රාහී ගමනක්” තේමාව කරගත් අද(27) පස්වරු 3.00 ට ජා ඇල නගරයේ දී ඇරඹි නව සන්ධානයේ මංගල ජන රැළිය සාර්ථ්ක ලෙස පැවැත්වුණු බව වාර්තා වෙයි.නව සන්ධාන මෙහෙයුම් නායක අනුර ප්‍රියදර්ශන යාපා, නව සන්ධාන නිර්මාතෘ නිමල් ලාන්සා, අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, නව සන්ධාන ගම්පහ දිස්ත්‍රික් නායක නලින් ප්‍රනාන්දු, ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල අමරසිංහ,මීගමුව හිටපු නගරාධිපති දයාන් ලාන්සා, සුගීෂ්වර බණ්ඩාර, අසංක ශ්‍රීනාත් යන මහත්වරුන් ඇතුළුව පළාත් සභා, පළාත් පාලන නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටි අතර සංඝරත්නය ඇතුළු ආගමික නායකයින්, වෘත්තිය සමිති නායකයින්, සිවිල් සංවිධාන නියෝජිතයින්, කලාකරුවන්, නීතිඥවරුන්, වෘත්තීයවේදීන් ඇතුළු ආධාරකරුවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටි බව වාර්තා වෙයි.

කාලීන පුවත්