ශ්‍රීලනිපයෙන් ආණ්ඩුවට එක් වූ මන්ත්‍රී වරුන්ට ශ්‍රීලනිපයේ තනතුරු අහිමි වෙයි

වත්මන් ආණ්ඩුවේ තනතුරු දරන නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු මන්ත්‍රීවරුන් ,තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මඟින් අහිමි කළ තනතුරු නැවත ලබාදෙන ලෙස කළ ඉල්ලීම පක්ෂය මඟින් කර ඇතැයි වාර්තා වේ.ඒ ආණ්ඩුවේ තනතුරු දරමින් තවදුරටත් පක්ෂයේ ප්‍රතිපත්තියට එරෙහිව කටයුතු කර කරන නිසා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග කියයි.එම පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පත් වූ මන්ත්‍රීවරුන් දාහතර දෙනාගෙන් අට දෙනකු ආණ්ඩුවට එක්ව කැබිනට් හා රාජ්‍ය ඇමති තනතුරු දරන අතර,ඔවුන් නැවත පක්ෂයට එක් කර ගැනීමේ සාකච්ඡාවක් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේ දී පැවැත්විණි.වත්මන් ආණ්ඩුවේ කැබිනට් හා රාජ්‍ය ඇමති තනතුරු දරන නිමල් සිරිපාල ද සිල්වා,ලසන්ත අලගියවන්න ,ජගත් පුෂ්පකුමාර ,චාමර සම්පත් දසනායක යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එහි මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඇතුළු පක්ෂ නියෝජිතයන් කිහිප දෙනෙක් එක් ව සිටියහ.

කාලීන පුවත්