එක්ස්ප්‍රස් පර්ල් වන්දිය ගන්න සිංගප්පූරුවේ නඩු පැවරීම හෙට

සිංගප්පූරු සමාගමක් සතු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරායට ආසන්න මුහුදේ දී ගිනිගැනීම නිසා සිදු වූ පරිසර හානිය සහ ජනතාවට එල්ලවී ඇති බලපෑම වෙනුවෙන් වන්දි ලබා ගැනීම පිණිස ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව හෙට(24)සිංගප්පූරු අධිකරණයක් හමුවේ නඩු පැවරීමට නියමිත ය.2021 මැයි 21 දින අනතුරට ලක් වූ එම නෞකාව නිසා සිදු වූ පරිසර හානිය සහ ජනතාවට එල්ලවී ඇති බලපෑම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන විසි පහක පමණ වන්දියක් ඉල්ලා සිටිය හැකි අතර එම වන්දි මුදල ශ්‍රී ලංකාවට හිමි වීම වත්මන් ආර්ථික අර්බුදය සමනය කිරීම කෙරහි ද සාධනීය බලපෑමක් කළ හැක් බව විවිධ අංශ මඟින් පෙන්වා දී තිබිණ.එහෙත්, එම වන්දි මුදල ඉල්ලා කිසියම් වන්දියක් ලබා ගැනීම කෙරෙහි ශ්‍රී ලංකා රජය මෙතෙක් අවධානයක් යොමු කොට නොතිබුණි.

කාලීන පුවත්