සංචාරක කලාප වල වෙළඳ සල් ආශිත විශේෂ සෝදිසි

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයින් වැඩි වශයෙන් ගැවසෙන ප්‍රදේශවල වෙළඳ සල් ආශ්‍රිතව විශේෂ විමර්ශන හා වැටලීම් සිදු කිරීමට තීරණය කොට තිබේ.පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂක( වැටලීම් සහ විශේෂ විමර්ශන) සංජය ඉරසිංහ මහතා පැවසුවේ, කොළඹ ගොල්ෆේස් ප්‍රදේශය, අලුත්කඩේ උසාවිය ප්‍රදේශය, බේරුවල, බෙන්තොට, හික්කඩුව, ගාල්ල, ඇල්ල ආදී ප්‍රදේශවල රාත්‍රී කාලයේ මෙලෙස විමර්ශන හා වැටලීම් සිදු කීරීමට පියවර ගන්නා බව ය.

කාලීන පුවත්