සජිත්ට විපක්ෂ නායක ධුරයත් අහිමි වන ළකුණු

සජිත්ට විපක්ෂ නායක ධුරයත් අහිමි වන ළකුණු නව ආණ්ඩුව ප්‍රකාශයට පත් කළ පසු පාර්ලිමේන්තුව විපක්ෂයේ අසුන් ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමක් තීරණය කොට ඇති බැවින් දැනට සජිත් ප්‍රේමදාස මහතා දරන විපක්ෂ නායක ධුරය ද අහෝසි වී යාමේ අවදානමක් පැන නැඟී තිබේ.නමුදු නව විපක්ෂ නායකයා කවුදැයි මෙතෙක් තීරණය කොට නොමැති අතර ඒ බොහෝ විට වත්මන් අර්බුදය සම්බන්ධයෙන් ජනතාවගේ පාර්ශවයෙන් සිතා කටයුතු කළ අයකු විය හැකි බව පැවසෙයි.පාර්ලිමේන්තුවේ ‍අග‍්‍රාමාත්‍ය ධුරය භාරගෙන කටයුතු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සජිත් ප්‍රේමදාස මහතාගෙන් අවස්ථා කිහිපයකදීම ඉල්ලා සිටියද විවිධ කොන්දේසි ඉදිරිපත් කරමින් එය මඟ හැර අවසන් මොහොතේ ඒ සඳහා ඉල්ලුම් කිරීම මත ඔහුට ඒ අවස්ථාව ද අහිමි විය

කාලීන පුවත්