සහල් ආනයනය තාවකාලිකව අත්හිටුවයි

සහල් ආනයනය තාවකාලිකව අත්හිටුවීම සදහා වන යෝජනාවක් ඊයේ(01) ඇමති මහින්ද අමරවීර මහතා ඇමති මණ්ඩලයට ඉදිරිපත් කොට තිබේ. ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීිම සදහා කමිටුවක් පත් කිරීමට ඇමති මණ්ඩලයේ එකඟත්වය පළ වී ඇති අතර කෘෂිකර්ම හා වෙළෙඳ අමාත්‍යංශවල ලේකම්වරුන් හා මහ භාණ්ඩාගාරයේ නිලධාරීන් එම කමිටුවට ඇතුළත් වනු ඇත.මේ අතර මෙවර යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම වී අලෙවි මණ්ඩලයේ මුදල් යොදා සිදුකිරීමට ඇමති මණ්ඩලය තීරණය කළ බවද කෘෂිකර්ම ඇමතිවරයා පැවසීය.ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කොට සිටියේ මෙවර යල කන්නයේ වී අස්වනු බොහෝ දුරට අපේක්ෂිත ඉලක්කය සපුරාලනු ඇති බවය.

කාලීන පුවත්