සීනි වල උපරිම සිල්ලර මිල “කැළේ”

සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කරනු ලැබු මුත් ඒ මිල ඉක්මවා බොහෝ වෙළඳුන් සීනි අලෙවි කරන බවට තොරතුරු වාර්තා වෙයි. පැකට් නොකළ සුදු සීනි කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 275ක් වන අතර පැකට් කළ සුදු සීනි කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 295ක් සහ පැකට් නොකළ දුඹුරු සීනි කිලෝ ග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 330ක් වන අතර පැකට් කළ දුඹුරු සීනි කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 350ක් ලෙස මිල නියම කොට ඇතත් බොහෝ වෙළඳුන් එම මිල නියමයන් උල්ලංඝනය කරන බව වාර්තා වෙයි.එමෙන්ම ඒ සම්බන්ධයෙන් 1977 ට දුරකථන ඇමතුම් ලබා දුන්න ද එම වැඩිමිලට සීනි අලෙවිය නතර කර ගත නොහැකි බව පාරිභෝගිකයෝ කියති.

කාලීන පුවත්