හන්තාන සංරක්ෂිතයේ ගින්නකින් අක්කර පහක් විනාශයි

මහනුවර හන්තාන අධි සංරක්ෂිත කඳු රක්ෂිත කලාපයේ හටහත් හදිසි ගිනි ගැනීම් තත්ත්වයක් හේතුවෙන් විශාල ප්‍රදේශයක් විනාශයට පත්වී ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.

මහනුවර හන්තාන නිවාස සංවර්ධන අධිකාරියට අයත් මෙම රක්ෂිත ඉඩමේ හටගත් ගින්න හේතුවෙන් අක්කර පහක පමන ප්‍රදේශයක් විනාශයට පත් වී ඇති බවත්, මෙම ගින්න කිසියම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විසින් සිදු කරන ලද ගිනි තැබීමක් විය හැකි බවට ප්‍රදේශවාසීන් සැක පල කරන අතර මේ ගින්න හේතුවෙන් වන සතුන් හා ශාක දැඩි විනාශයට පත්ව ඇත.

කාලීන පුවත්