සියලු‍ම පාසල්වල ප්‍රාථමික ‍ශ්‍රේණි සිසුන්ට අද සිට උදේ ආහාරය නොමිලේ!

සිසුන් සියයට අඩු සංඛ්‍යාවක් සිටින සියලු‍ ම පාසල් ද ආවරණය වන පරිදි දිවයිනේ සියලු‍ම පාසල්වල පළමු වන ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා ප්‍රාථමික ‍ශ්‍රේණිවල සිසුන් ලක්ෂ 16 කට අද (25) සිට පාසලේ දී ප්‍රධාන ආහාර වේලක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.පෝෂණවේදීන්ගේ නිර්දේශ සැලකිල්ලට ගෙන සිසුන් අධ්‍යාපන කටයුතුවල නිරත වීමට පෙර පෙරවරු 7.30ත් 8.30ත් අතර කාලය තුළ මෙම උදෑසන ආහාර වේල ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.පුරා රජයේ පාසල් 9134 ක සිසුන් වෙත මෙම පාසල් ආහාර වැඩසටහනේ ප්‍රතිලාභ හිමි වන අතර ඒ සඳහා රජය රුපියල් කෝටි 16,60 ක් වැය කරනඛව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

කාලීන පුවත්