හඳපාන්ගල බඩ ඉරිඟු වගා විනාශයක්

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හදපානාගල ප්‍රදේශයේ වගා කර ඇති බඩඉරිඟු වගාවන් අක්කර සිය ගණනක් මේ වන විට විනාශ වෙමින් තිබේ.

ගොවීන් පවසනුයේ මෙවර බඩ ඉරිඟු වගාව සඳහා නිසි පරිදි පොහොර යෙදීමට නොහැකි වීම මේ තත්වයට හේතු වී ඇති බවය.

පීදෙන කාලය වන විට බඩ ඉරිඟු ගස් ඉතාමත්ම සරුවට උසට වැඩෙන නමුත් මේ වන විට සිය වගාවන් කහ පැහැ ගැන්වී විනාශ වෙමින් තිබෙන බව ගොවීහු කියති.

එම නිසා ඇතැම් ගොවින් වගාවන් සම්පූර්ණයෙන් ම අතහැර දමා ඇති අතර තමන්ට කිසියම් සහනයක් හෝ ලබා දෙන ලෙස ප්‍රදේශයේ ගොවිහු රජයෙන් ඉලඉල්ලා සිටිති.

කාලීන පුවත්