‘අපිටත් ඉන්ධන ගෙන්වන්න ඩොලර් නෑ’ IOC කියයි

අපිටත් ඉන්ධන ගෙන්වන්න ඩොලර් නෑ කියයිවර්තමාන ඩොලර් අර්බුදය හමුවේ ණය වර ලිපි විවෘත කිරිමේ අපහසුතාවන් තෙල් මිලදී ගැනීමට බාධාවක් වී තිබෙන පසුබිමක ඉන්ධන මිල දී ගැනීමේදී ලංකා ඛනිජ තෙල් සංස්ථාව මුහුණ දෙන තත්වයට තමන් ද මුහුණ දෙන බව ලංකා ඉන්දීය තෙල් සමාගම(IOC) සඳහන් කරයි.

මෙරට විදුලිය නිෂ්පාදනය සඳහා ඉන්දීය තෙල් සමාගමෙන් ඉන්ධන ලබාගැනීමේ සූදානමක් සම්බන්ධයෙන් ගාමිණී ලොකුගේ ඇමති වරයා කළ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන් එසේ පැවසූ ලංකා ඉන්දීය තෙල් සමාගමේ නියෝජිතයකු කියා සිටියේ මේ මොහොතේ තම ප‍්‍රමුඛතාව හිමි ව ඇත්තේ තම බෙදුම් කරුවන් පිරවුම්හල් වලට ඉන්ධන සැපයුම බව ය.

කාලීන පුවත්