ඉන්ධන ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක ණයක්

ඩීසල් භාවිතයෙන් විදුලිය නිපදවීමෙන් සිදුවිය හැකි විදුලිය විසන්ධි වීම වැලැක්වීම පිණිස ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ඉන්දියාව ශ්‍රිී ලංකාවට ඩොලර් මිලියන 500 ක ණය මුදලක් පිරිනමා තිබේ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජායිශංකර් මහතා අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා වෙත ලිපියක් මගින් ඒ බව දැනුම් දී තිබේ. මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ද ඒ බව තහවුරු කර ඇත. ඉන්ධන ලබා ගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ලංකා ඉන්දියානු තෙල් සමාගම සමග කළ සාකච්ඡාව අසාර්ථක විය. එමෙන්ම ලංකා ඛනජ තෙල් නීතිගත සංස්ථාව විදුලිය නිපදවීම සඳහා මෙට්ට්‍රික් ටොන් 900 ක ඉන්ධන ලබාදීම ආරම්භ කර ඇති බවද විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

කාලීන පුවත්