හොරට තෙල් ගැසූ පොම්ප දෙකකට සීල්

පාරිභෝගිකයනට ඉන්ධන නිකුත් කිරීමේදී අඩුවෙන් නිකුත් කළ ඉන්ධන පිරවුම්හලක පොම්ප දෙකක් මුද්‍රා තැබීමට තෙල් සංසථාව කටයුතු කර ඇත.

කොළඹ හත ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක් පරීක්ෂා කිරීමේදී හෙලිව ඇත්තේ ලීටරයකින් සියයට එකයි දශම දෙකක් අඩුවෙන් නිකුත් කර ඇති බවය.

එමගින් සෑම ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින්ම පාරිභෝගිකයාට රුපියල් පහයි ශත හතළිහක මුදලක් පාඩු වී ඇති බවද හෙලිව තිබේ.

කාලීන පුවත්