හොර පොල් පැළ රට පුරාම

පොල් පර්යේෂණායතනයේ නම අවභාවිතා කරමින් ප්‍රමිතියෙන් තොර ව්‍යාජ පොල්පැල දිවයින පුරා විකිණීමේ ජාවාරමක් හෙලිවී ඇතැයි එම ආයතනයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා පවසයි.

මේ නිසා පොල් පර්යේෂණායතනයේ ලියාපදිංචි ස්ථානවලින් පමණක් සහතික කර ඇති පොල්පැල ලබා ගන්නා ලෙස ඔහු ඉල්ලීමක් කරයි. ව්‍යාජ පොල්පැල යැයි සැක මතුවුවහොත් 1928 දුරකථන අංකයට දැනුම් දිය හැකි බවත් ඔහු පවසයි.

හොඳ පොල්පැල පොල් වගා කිරීමේ මණ්ඩලයේ පොල්පැල තවාන් මගින් පොල් පර්යේෂණායතනයේ තවාන් සහ පොල් පර්යේෂණ ආයතනයේ ලියාපදිංචිවී සිටින තවාන්කරුවන්ගෙන් පමණක් මිලදී ගත හැකි අතර පොල් පැලයක මිල රුපියල් 250 කි.

දෙමුහුන් පැලයක් රුපියල් 425 ක් බව පොල් පර්යේෂණායතනය පවසයි.

කාලීන පුවත්