
![]()
IFC වෙතින් ශ්‍රී ලංකාවට ඩො.මි.166ක ආයෝජනයක්
ශ්‍රී ලාංකික ව්‍යාපාරවලට සහාය වීම සහ ආර්ථික ස්ථායිකරණයේ සිට තිරසාර සංවර්ධනය දක්වා රට සංක්‍රමණය වීම වේගවත් කිරීම සඳහා IFC හෙවත් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවෙන් ඩොලර් මිලියන 166 ක ආයෝජනයක් සිදු කිරීමට තීරණය කර තිබේ. මෙම පුළුල් මට්ටමේ මූල්‍යකරණ පැකේජය කාන්තාවන් සතු ව්‍යාපාර සහ කෘෂිකාර්මික අංශයේ ව්‍යාපාර …
ඒඩ්ස් රෝගීන්ගේ වැඩිවීමක්
ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ දත්ත වාර්තාවලට අනුව මෙරට එච් අයි වී ආසාදිත රෝගින්ගේ වැඩිවීමක් දක්නට ලැබෙයි.එම රෝගින් අතුරින් පසුගිය වසර තුළදී මරණ තිහක් වාර්තා වී ඇති අතර නව ආසාදිතයන් හයසිය තිස්නවදෙනකු (639) වාර්තා වී ඇත. මෙම රෝගින් අතර වැඩි පිරිසක් සිටින්නේ පිරිමි …
මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ
ඊයේ (27) දින පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය (OPR) වත්මන් මට්ටම වූ 7.75% ලෙස නොවෙනස්ව තබා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ …
මාරාන්තික නිපා වෛරසය ඉන්දියාවේ පැතිර යයි
ආසාදනය වූවන් ගෙන් 40% සිට 75% දක්වා ප්‍රතිශතයක් මිය යා හැකි බව පැවසෙන මාරාන්තික නිපා වෛරසය ඉන්දියාවේ පැතිර යමින් පවතින බවට විදෙස් වාර්තා සඳහන් කරයි.නිපා වෛරසය ඉන්දියාවේ පැතිරීම හේතුවෙන් ආසියානු ගුවන්තොටුපල පරීක්ෂාවන් සිදු කිරීම ආරම්භ කර ඇති බව ද සඳහන් වෙයි.මේ අතර, බටහිර බෙංගාලයේ සෞඛ්‍ය …
T20 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව පෙරළියක් කරයි – හිටපු එංගලන්ත නායක නසාර් හුසේන්
එළැඹෙන පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සිය අපේක්ෂාවන් අභිබවා යනු ඇතැයි තම විශ්වාසය බව හිටපු එංගලන්ත ක්‍රිකට් නායකයකු හා ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයකු වන නසාර් හුසේන් පවසයි. ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීම සඳහා ශක්තිමත්, කුසලතාවන්ගෙන් හෙබි ක්‍රීඩකයින් බිහි වීමට ශ්‍රී ලංකාවේ …
අපනයන ආදායම වර්ධනයක්
ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ ආදායම 2025 වසරේදී 5.6%ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වී තිබේ. ඒ අනුව එම වසරේ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 17,252.15 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වෙයි. භාණ්ඩ හා සේවා අපනයන අංශවල පිබිදීම මෙලෙස අපනයන ආදායම ඉහළ යාමට හේතු වී …

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ඉන්දියාවෙන් පාඩමක් – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය
ප්‍රතිපත්තියක් නැති ආණ්ඩුවකට නිසි අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකසා ගත හැකි ද? යන්න මෑතක සිට ඇතැමුන් නඟන පැනයකි. එහි එක්තරා දේශපාලනික ස්වරූපයක් ද දක්නට ලැබේ. ඒ අනුව වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය දෙස බැලීමේදී එය සැබැවින්ම සමාජයට ඵලදායක ද යන්න පිළිබඳව දීමට ඇත්තේ සංකීර්ණ සහ විවාදාත්මක පිළිතුරකි. ඕනෑම ප්‍රතිසංස්කරණයක් සාර්ථක වීමට නම් පළමුව රටක බිම් මට්ටමේ පවතින යථාර්ථය සහ විවිධ සමාජ ස්තරයන්හි අවශ්‍යතා හඳුනාගත යුතු වේ. ඒ අතර මෙම ක්‍රියාවලියේ ඵලදායීතාව පිළිබඳ ප්‍රධාන කරුණු කිහිපයක් විශ්ලේෂණය කිරීමේදී සම්පත් විෂමතාව පිළිබඳ ගැටලුව ඒ අතුරින් විශේෂයෙන් කැපී පෙනෙයි. අප රටේ …

එන්න දෙවියනේ මල් පැළ අපි බැන්ඳා
ශ්‍රී ලාංකේය ජන සංස්කෘතියට අනුව මිනිසුන්ට තමන් අපේක්ෂා කරන දෙවිවරුන් හමුවිය හැකි ආකාර කිහිපයක් දක්වා තිබේ. ඉන් ප්‍රධානතම ආකාරයන් දෙක වනුයේ දේවාලයක දී හෝ සංහිඳක දී දෙවියන් හමුවීම ය. සංහිඳ යනු බොහෝ විට වැව් ඉහත්තාවක හෝ කෙත්වතු ඉස්මත්තක ඇති දැවැන්ත වෘක්ෂයක් හෙවත් වනස්පතියක් මුල් කරගෙන ගැමි ජනතාව වන්දනා මාන හා …

මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය විදෙස් මාධ්‍ය ඇසින්
පසුගිය අප්‍රේල් 4 වැනිදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අතර අද (6) දින නැවත ඉන්දියාව බලා යාමට නියමිතව තිබේ. අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය බොහෝ විදෙස් මාධ්‍යයන්ගේ දැඩි අවධානයකට ලක් වූ අතර මෙය උපායශීලී, ආර්ථික වශයෙන් සහ කලාපීය වශයෙන් වැදගත් සංචාරයක් බව සඳහන් කර තිබෙන දකින්නට හැකි විය. මෙය හුදෙක් උත්සවශ්‍රීයෙන් යුක්ත රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් නොව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීමට මෙන්ම දකුණු …
ලක්‍ෂ තුනකට මරු කැඳවිය හැකි බිහිසුණු භූමිකම්පාවක් ගැන අනතුරු ඇඟවීමක්
ලක්‍ෂ 3 කට ආසන්න සංඛ්‍යාවකට මරු කැඳවිය හැකි මෙගා භූමිකම්පාවක් ගැන ජපාන භූ විද්‍යාඥයන් අනතුරු අඟවනවා. වසර කිහිපයක සිටම ඔවුන් මේ පිලිබඳ සඳහන් කරමින් සිටින අතර ඊට අදාළ අලූත්ම වාර්තාවක් පසුගිය දා එක්තරා විශේෂඥ කමිටුවක් රජයට භාර දී තිබුණා. ඉදිරියේ දී සිදුවිය හැකි යයි පැවසෙන මෙම මහා භූමිකම්පාව පිලිබඳ ඇතැම් කාරණා අලූත් වාර්තාව විසින් යාවත්කාලීන කර ඇති බව සඳහන්. ජපාන භූ විද්‍යාඥයන් පවසන්නේ ඉදිරි වසර කිහිපය තුළ …
හිමාලයානු දුඹුරු වලසුන් දෙහිවලදී ප්‍රදර්ශනය කිරීමෙන් පලක් තිබේද?
පසුගිය පෙබරවාරි 10 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ලංකාවට රැගෙන එනු ලැබූ හිමාලයානු දුඹුරු වලසුන් යුවළක් පසුගිය අප්‍රේල් 1 වැනිදා සිට මහජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනය කිරීම ආරම්භ කරනු ලැබූ බවට පුවතක් කිහිප තැනකම දකින්නට හැකි විය. මොවුන්ව මහජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනය කිරීම ආරම්භ කරන ලද්දේ මසකටත් වැඩි නිරෝධායන කාලසීමාවකින් පසුවය. හිමාලයාන දුඹුරු වලසුන්, හිමාලයානු රතු වලසුන් හෝ ඉසබෙලයින් වලසුන් යන නම්වලින් හඳුන්වනු ලබන මොවුහු හිමාලය කඳු වැටියේ අධික …
මෝදි මෙවර ලංකාවට එන්නේ කච්චතිව් වලටත් හිමිකම් කියාගෙන ද ?
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රියාමාර්ග හේතුවෙන් තමිල්නාඩු ධීවරයින් මුහුණ දෙන අභියෝග සමනය කිරීම හා ඔවුන් ගේ සම්ප්‍රදායික ධීවර අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ගත හැකි එකම ස්ථිර විසඳුම ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපත ඉන්දියාව සතු කර ගැනීම බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්. කේ ස්ටාලින් අවධාරණය කර තිබේ.කච්චතිව් දූපත සම්බන්ධයෙන් සිය යෝජනාවලියක් මධ්‍යම රජය වෙත ඉදිරිපත් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත. කච්චතිව් යනු මෙරටට අයත් දූපත් සමූහයට …

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …
මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

ඇදුම ඔබටත් කරදරයක් ද? – කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා
අප ජීවත් වන පරිසරයෙහි අපට ආශ්වාස කරන්නට සිදුවන වාතය කිසිසේත් පිරිසිදු යැයි නිගමනය කිරීමේ හැකියාවක් නැත. නමුත් එය පිරිසිදු හෝ අපිරිසුදු වශයෙන් භේදයක් නොමැතිව ම අපට නිරායාසයෙන්ම එය ආශ්වාස කරන්නට සිදුවෙයි. ආශ්වාස කිරීම සඳහා පිරිසිදු වාතයම සොයා යාමේ හැකියාවක් අපට නැත. මෙම පරිසරයෙහි වාතය සමඟ නොයෙකුත් දුම් දූවිලි වගේම තවත් විවිධ අපද්‍රව්‍ය මුසුව පවතී. මේවා ආශ්වාස කරන විට සමහරුන්ට එමගින් අසාත්මිකතාවන් ඇති වෙයි. මෙසේ අසාත්මික වූ කල ඇතිවන ප්‍රධාන ලක්ෂණයක් වන්නේ නාසයෙන් දියර ගැලීමයි. මේ …

No posts found.

තවමත් බොහෝ දෙනෙක් නොදත් සුනඛ සහ බළල් සුරතලුන්ගේ අගය
” මම මිනිසුන්ගේ ස්වභාවය වටහා ගන්නා තරමටම මගේ සුනඛයාට වැඩි වැඩියෙන් ආදරය කරමි” යනුවෙන් පැවසුවේ සුප්‍රකට බටහිර දාර්ශනිකයෙක්. එයින් ඔහු මතු කරන ලද අරුත වූයේ ගතිගුණ අතින් මිනිසාට වඩා සුනඛයා ඉහළින් සිටින බවයි. වොෂින්ටනය ලෝකයේ බලවතා වන ඇමරිකාවේ අගනුවරයි. ඒ අනුව එය ද ලොව බලවත් නගරයක් ලෙස සැලකෙන අතර එහි මිනිසුන් අතර බල ලෝභය සහ …
.
“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


නෙළු මල් චාරිකාවලින් පරිසරය වැනසිය යුතුද?
ශ්‍රී ලංකාවේ කාලයෙන් කාලයට ඇතිවන රැලි අතරට අලුතින්ම එක් වී ඇත්තේ නෙළු මල් නැරඹීමේ රැල්ලය. මේ දිනවල හෝර්ටන් තැන්නේ අඳුරු පතන් බිම් වසා පැතිරීගෙන දම් …
මේ වෑයම අලි රොෂාන් සිපිරිගෙට යවා අලි ජාවාරම යට ගසන්නද?
මෙරට සිටින ප්‍රධාන පෙළේ අලි ජාවාරම්කරුවකු වන සමපේපුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තාට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරු මඬුල්ල විසින් බරපතළ වැඩසහිත වසර 15 …

ජනප්‍රිය ඉන්දීය නළු විජේ සේතුපතිට එරෙහිව ලිංගික චෝදනාවක්
නිළියන් බවට පත් වීමට කැමැති තරුණියන්ට ඒ සඳහා අවස්ථා උදා කර දෙන බව පවසමින් ඔවුන් සමග යහන් ගතවන චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, නළුවන්, නිශ්පාදකයන් වැනි අය ගැන කතා මේ ක්ෂේත්‍රයෙන් බොහෝ විට …
පැරණි මනමේ නාඩගමට අපි සැලකුවා මදි!
වර්ෂ 1956 නොවෙම්බර් මස 3 වැනිදා ශ්‍රී ලාංකේය රංග කලාවේ සදානුස්මරණීය දිනයකි. ඒ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ දී එළිදැක්වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ෙගේ මනමේ නාටකය නිසා ය. මනමේ යනු සිංහල …

වියපත් වූවන් පිළිබඳ සමාජමය ගැටළු වලට විසඳුම් නැත්තේ ඇයි? – හිටපු මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
මේ වන විට ශ්‍රී ලාංකිකයින්ගේ ආයු අපේක්ෂාව ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පසුගිය දා අනාවරණය කොට ඇත. වර්තමානය වන විට මෙරට පිරිමි පුද්ගලයන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 76 දක්වාත් කාන්තාවන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 80 දක්වාත් ඉහළ ගොස් ඇතැයි එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය …
පොත් ගොඩ ගහගත්තට ඒ ඔක්කොම කියවන්න වෙලාවක් තියනව ද?
සැප්තැම්බරය යනු ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මාසයයි. පාසල්, විශ්වවිද්‍යාල, පුස්තකාල සහ සංස්කෘතික ආයතන පොත්පත් හා කියවීමේ වැදගත්කම ප්‍රවර්ධනය කරන මේ කාලය තුළ බොහෝ දෙනා තරගයට මෙන් පොත් මිල දී ගනිති. ඇතැමුන් පොත් කියවන්නේ නැත. ඔවුන් කරන්නේ ඒවායෙන් පොත් රාක්ක පිරවීම පමණි. පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගොඩ ගසාගෙන එන ඇතැමුන් කෙටි කාලයකින් පොත් …

මුස්ලිම් කතුන් දෙස අමුතු ඇසකින් බලන්නේ ඇයි?
පසුගිය දිනෙක මම ගම්පහ ආසන්නයේ මගේ මිතුරියකගේ නිවසේ පැවැති සාංඝික දානමය පුණ්‍ය කර්මයකට සහභාගී වීමි. සිංහල බෞද්ධ පරිසරයක ඉපිද හැදී වැඩී, සිංහල මාධ්‍යයෙන් පාසල් සහ සරසවි අධ්‍යාපනය ලැබූ මට එය කෙසේවත් නුහුරු නුපුරුදු අත්දැකීමක් නොවේ. එහෙත්, එම දානමය පින්කම අවසන් වන තෙක් මා සම්බන්ධ විශේෂ හැඳින්වීමක් නොකළ මගේ මිතුරිය, පින්කම …
යක්කුත් කතා කරවන අපේ තොවිල්
“බුදුන්ගේ අණසක හා බුද්ධ රශ්මියේ බලය, මහා සම්මත රාජ ආඥාව සහිත මේ ශුද්ධ භූමියට පැමිණි තා කවුද?” රාත්‍රී මැදියම පසුවීමත් සමඟ තොවිලයේ ප්‍රධාන ඇදුරා හෙවත් ගුරුන්නාන්සේගේ ප්‍රතාපවත් හඬ, එතෙක් බෙර හා මන්ත්‍ර හඬින් පිරී තිබූ පරිසරයට ඉන් පසු ආරෝපණය වූ නිහඬතාව සුනු විසුණු කරමින් දසත පැතිර යනු ඇසෙයි. එහෙත් තොවිලයේ …




