වයස පනහට වැඩි නම් කොවිඩ් එන්නත් තෙවන මාත්‍රාවකුත්!
ඉදිරියේ දී වයස අවුරුදු 50ට වැඩි සියලු පුද්ගලයින්ට කොවිඩ් එන්නතේ තෙවන මාත්‍රාවක් හෙවත් බූස්ටර් එන්නතක් ලබාදීමට සිදුවනු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අනුක විද්‍යා අධ්‍යයන අංශ ප්‍රධානී, මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසයි “සයිනොෆාම් එන්නත ලබාදුන් තරුණ අයට බූස්ටර් එන්නත් මාත්‍රාවක් අවශ්‍යයි …
ලංකාවට තෙල් ගන්න ඉන්දියාවෙන් ණයක්!
ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සතු විදේශීය ධන සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන පන්සීයක ණයක් ඉන්දියාවෙන් ලබා ගැනීමට සැළසුම් කොට තිබේ.නමුත් මෙම ණය මුදල වෙනුවෙන් ඉන්දියාව පනවන කොන්දේසි මොනවාද?යන්න මෙතෙක් අනාවරණය වී නැත …
අද තද වැසි
නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රියවීම මත අද(25) ශ්‍රී ලංකාවේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි ඇති විය හැකි බවත් මෙම ප්‍රදේශ වල …
කෙරවළපිටිය බලාගාර කොටස් විදෙස් සමාගමකට පැවරීම භයානකයි
කෙරවළපිටිය විදුලි බලාගාරයේ කොටස් විදෙස් සමාගමකට පැවරීම අතිශය භායනක තත්ත්වයක් බවත් තමන් පැමිණියේ ජාතික සම්පත් විකිණීමට නොවන බවත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය වරයා ඒ අනුව ඉදිරියේදී ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර සාකච්ඡා කර ගත් යම් වැරදි තීන්දුවක් …
කොවිඩ් වලින් තරුණ වෛද්‍යවරියක් මිය යයි
කොවිඩ් නිව්මෝනියා සංකුලතා හේතුවෙන් ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 31ක් හැවිරිදි තරින්දි දිල්ෂිකා විතානගේ නම් වෛද්‍යවරියක් මියගොස් තිබේ.මෙලෙස මියගොස් ඇත්තේ රත්නපුර රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍යවරියක වන අතර ඇය රත්මලාන ප්‍රදේශයේ පදිංචිකාරියක බව පැවසෙයි. අගෝස්තු මස 23වෙනිදා ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පුද්ගලික …
විමල් ලා කොන්වෙලා
ඇමැති විමල් වීරවංශ මහතා ඇතුළු පිරිස වර්තමාන ආණ්ඩුව පිහිටුවීමට විශාල කාර්යභාරයක් සිදුකළ පිරිසකට මේ වන විට ආණ්ඩුවේ තැනක් නොමැති බව මුරුත්තෙට්ටුවේ හිමියෝ පවසති. එමෙන්ම ඔවුන් කොන් වී ඇති බව සඳහන් කරන වහන්සේ වැඩි දුරටත් සඳහන් කරනුයේ තමන් කොන් වූ විට ගත යුතු ක්‍රියාමාර්ගය කුමක් දැයි …
උදාවන හෙට දිනයේ පිරිමියා අබිබවා කාන්තාව ඉදිරියට ?
වර්තමානය වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති සබරගමු ප්‍රාථමික ක්‍රීඩා උත්සවය අමතමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද පවසන්නට ඇත්තේ මේ ප්‍රවණතාව පිළිබඳ යම්කිසි දැනුම්වත් භාවයකින් සිටින නිසා විය හැකිය. එමෙන්ම 2024 වසරේ මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ ද ‘ආර්ථික සවි බල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම’ යන්නය …
පා ගමනින් සිරිපා කරුණා කිරීමේ අසිරිය අඩ සිය වසකට පෙර රස කවියෙන් කී කුකුල්නාපේ උපාසක
සිරිපා වන්දනා සමයක් අත ළඟටම පැමිණ තිබේ. වාර්ෂිකව සිරිපා වන්දනාවේ යෙදෙන බැතිමතුන් ගණනය කළ හැක්කේ මිලියන ගණනිනි. අද වන විට අගනුවර ඇතුළු දිවයිනේ පළාත් හා ප්‍රදේශ බොහොමයක ශ්‍රී පාද වන්දනාවේ යන්නවුන්ගේ ජනප්‍රියතම ශ්‍රීපාද මාර්ගය හැටන් නල්ලතන්නිය හරහා වැටී තිබේ. 1884 වසරේ උඩරට දුම්රිය මාර්ගය හැටන් දක්වා දීර්ඝ කිරීමත් හැටන් සිට …
No posts found.
No posts found.
ලිංගික බෙලහීනතාවයෙන් පීඩා නොවිඳීමට නම් – වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
ලොව පුරා මිලියන තුන්සීයකට වඩා පුද්ගලයන් මේ වන විට ලිංගික බෙලහීනතාවයට පත් වීම හේතුවෙන් පීඩා විඳිනවා. විශේෂයෙන් වයස අවුරුදු 40 – 70 ත් අතර පුද්ගලයන් ගෙන් 50% කට පමණ මෙම තත්වයට මුහුණ දීමට සිදු වී ඇති බව සඳහන් වෙනවා. බොහෝ දෙනෙකුට කලාතුරකින් අධික වෙහෙස, මානසික පීඩාවන්, මත්පැන් පානය නිසා මේ තත්වයට ඉඳ හිට මුහුණ දීමට සිදුවන නමුත් එය ප්‍රශ්නයක් ලෙස …
බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …
මත්පැන් බොන අයට වගේම නොබොන අයටත් වැළඳිය හැකි සිරෝසිස්
කාර්යබහුල ජීවිතයක් ගත කරන අපට තුන්වේලම නිවසේ රසට ගුණට පිසගත් ආහාර අනුභව කරන්නට ලැබෙන අවස්ථා අඩු වීමට පුළුවන. අපේ ශරීරයට කරදරයක් අපහසුවක් නොදැනෙන තාක් කල් පිටින් ගන්නා කෑම බීම ගැන අප රසය මිස ගුණය ගැන සොයන්නේද නැත. නමුත් ඒ අපට දැනෙන අන්දම ය. අපේ උදරයේ ස්කෑන් පරීක්ෂණයක් කර බැලුවහොත් අපට නොදැනෙන දේවල් ස්කෑන් යන්ත්‍රයට දැනී තිබෙන අන්දම එම වාර්තා මගින් මනාව වටහා ගත හැකි වනු ඇත. එම ස්කෑන් පරීක්ෂණ වාර්තා මගින් ” ඔබේ අක්මාවේ තෙල් …
No posts found.
No posts found.
.
බලංගොඩ මානවයාගේ ඥාතීන් විසූ කිතුල්ගල බෙලිගල්ලෙන
මීට අවුරුදු හතළිස් දහසක පමණ කාලයේ අපේ රටේ ජීවත් වී තිබූ බලංගොඩ මානවයා ලොව පැරණිතම නූතන මානවයා හෙවත් හෝමෝසේපියන් ලෙස සැලකෙනවා. ඒ අනුව බලංගොඩ මානවයා …
සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද
අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …
සියල්ල කරදරයක් වූ යුගයක “කතුරු මිතුරු”ට හිමි තැන
වින්දනය සහ විනෝදය දෙකක් ලෙස අපි කලා විචාරයේදී හඳුනා ගනිමු. වින්දනය තියුණු ය. විනෝදය සරල ය. මේ දෙකටම එකසේ ප්‍රිය කරන සහෘදයෝ සිටිති. එසේම කලා නිර්මාණයකින් වින්දනය පමණක් අපේක්ෂා කරන …
බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!
මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …
කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?
මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …
මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම
මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …
කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව
මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …
ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ
තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …