මේ දිනවල ලංකාව පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින චිකන්ගුන්යා සහ ඩෙංගු රෝගය තුරන් කිරීම වෙනුවෙන් ක්‍රියාකාරී සැලැස්මක් පිළිබඳව වන මූලික සාකච්ඡාවක් බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පවත්වා තිබේ.
මෙම සාකච්ඡාව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්, බස්නාහිර පාළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්, බස්නාහිර පළාත් සභාවේ පළාත් පාලන අමාත්‍යංශ ලේකම්, බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඇතුළු මහත්ම මහත්මීන් මෙන්ම කොළඹ මහ නගර සභාවේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් ද එක්ව සිටි බවයි සඳහන් වෙයි .
ආණ්ඩුකාරවර හනීෆ් යූසුෆ් මහතා විසින් බස්නාහිර පළාතෙන් චිකන්ගුන්යා සහ ඩෙංගු උවදුර තුරන් කිරීම වෙනුවෙන් “War on Dengue” යන මැයෙන් කාර්ය සාධක බලකායක් පිහිට වූ අතර එම කාර්ය සාධක බලකායේ සභාපතිවරයා වශයෙන් බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් එල්.ඒ කළුකපුආරච්චි මහතා පත් කර තිබේ.
චිකන්ගුන්යා සහ ඩෙංගු ඇතුළු මදුරුවන්ගෙන් බෝවන රෝග පිළිබඳව සහ එම රෝග තත්ත්වයන් අවම කිරීම වෙනුවෙන් ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව මෙම හමුවේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර සිටියේ මේ වෙනුවෙන් තමාට ගත හැකි සියලු පියවර ගන්නා බවත් මෙම සැලසුම් ක්‍රියාත්මක කිරීමට දිය හැකි පූර්ණ සහයෝගය ලබාදෙන බවයි.