නව විදුලි ගාස්තු සංශෝධනය ගැන අදහස් විමසීම හෙට සිට

නව විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජනතාවගෙන් වාචික අදහස් විමසීම හෙට (23) සිට සිදුකෙරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි..ඒ අනුව හෙට සිට ලබන ජුනි මස 03 වැනිදා දක්වා සියලු පළාත් ආවරණය වන පරිදි වාචික අදහස් ලබාගැනීම සිදු කිරීමට නියමිතව තිබේ.විදුලි ගාස්තු 18.3% කින් වැඩි කිරීමට අදාළ යෝජනා ඇතුළත් උපදේශන පත්‍රිකාව ලංකා විදුලි බල මණ්ඩලය විසින් පසුගියදා මහජන උපයෝගිතා කොමිසම වෙත භාරදී ඇත.නමුත් ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරනුයේ යෝජිත නව විදුලි ගාස්තු සංශෝධනයට අනුව වැඩි වන ගාස්තුව මෙම වසර මුලදී පැවති විදුලි ගාස්තුවට වඩා අඩු අගයක් වනු ඇති බවකි.

කාලීන පුවත්