IMF විධායක කමිටු රැස්වීම අද

ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකමේ 5 වැනි හා 6 වැනි සමාලෝචනය අනුමැතිය ලබා දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාව හමුවේ අද(27) සලකා බලයි.

එය සම්මත වීමත් ඩොලර් මිලියන 700කට මුදලක් මෙරටට ලැබෙනු ඇති.ඊට අදාළව පසුගිය මස 09 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ එකතාව හිමිවිය.

5 වැනි හා 6 වැනි සමාලෝචනය සඳහා අනුමැතිය හිමිවීමත් සමග එම ඇමරිකානු ඩොලර් මිලියන 700 මුදල ඉදිරි දින කිහිපයේදී මෙරටට ලැබෙනු ඇති.ඒ අනුව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත පසුගියදා සඳහන් කරනලදි.

කාලීන පුවත්