
ඉන්දියාවේ තරුණ පරපුර අතර අතිශයින් ජනප්‍රිය වෙමින් ඇති, අපූරු නමක් සහිත දේශපාලන පක්ෂයක් මේ දිනවල ජාත්‍යන්තර මාධ්‍ය තුළ පවා විශාල අවධානයක් හිමි කරගනිමින් සිටියි. මේ පක්ෂය නම් කර ඇත්තේ කැරපොතු ජනතා පක්ෂය (Cockroach Janatha Party) යනුවෙනි. මෙය අගමැති නරේන්ද්‍ර මෝදි අයත් වන භාරතීය ජනතා පක්ෂය සමච්චලයට ලක් කිරීම සඳහා යොදන ලද නමක් ලෙස සැලකේ. කැරපොතු ජනතා පක්ෂය ලෙස හැඳින්වුවත් මෙය පක්ෂයකට වඩා හැඳින්විය හැක්කේ සමාජ ව්‍යාපාරයක් ලෙසිනි.
පසුගිය කාලයේ දකුණු ආසියානු කලාපයේ බොහෝ රටවල තරුණ නැගිටීම් ඇති වූ බව රහසක් නොවේ. ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය ආදී රටවල මෙවැනි නැගිටීම් ඇති විය. මේ රටවල වූ පාලන තන්ත්රයන් බිඳ දැමීමට තරම් මේවා ශක්තිමත් විය.

දරිද්‍රතාව, විරැකියාව, කුල භේදය ආදී කාරණාවලින් බැට කන තරුණ තරුණියන් විශාල සංඛ්‍යාවක් ජීවත් වන ඉන්දියාවේ මෙවැනි කැපී පෙනෙන තරුණ අරගලයක් ඇති නොවීම බොහෝ දෙනා තුළ කුතුහලයක් ඇති කළ කාරණයක් වූයේය. කෙසේ නමුත් ඉහත කී කැරපොතු ව්‍යාපාරයේ මතු වීම ඉන්දියාවේත් එවැනි රෙජීම විරෝධී නැගිටීමක් මෝදුවෙමින් ඇත් ද යන සැකයක් ඇති කරන්නකි.
නමුත් දරිද්‍රතාව, විරැකියාව, කුල භේදය ආදී කාරණාවලින් බැට කන තරුණ තරුණියන් විශාල සංඛ්‍යාවක් ජීවත් වන ඉන්දියාවේ මෙවැනි කැපී පෙනෙන තරුණ අරගලයක් ඇති නොවීම බොහෝ දෙනා තුළ කුතුහලයක් ඇති කළ කාරණයක් වූයේය. කෙසේ නමුත් ඉහත කී කැරපොතු ව්‍යාපාරයේ මතු වීම ඉන්දියාවේත් එවැනි රෙජීම විරෝධී නැගිටීමක් මෝදුවෙමින් ඇත් ද යන සැකයක් ඇති කරන්නකි.
මෙම ව්‍යාපාරය මුලින්ම ආරම්භ වූයේ මාර්ගගත (online) ව්‍යාපාරයක් ලෙසින් වීම ද තවත් අපූරු කාරණයකි. මෙහි නිර්මාතෘවරයා වන අභිජීත් දිප්කේ නැමැති 30 හැවිරිදි තරුණයා විසින් සිය X ගිණුමේ පළ කරන ලද පෝස්ටුවක් ඊට මුල් විය.

දිප්කේ මෙම පෝස්ටුව පළ කළේ පසුගිය මැයි 16 වැනි දින යි. මෙය පළ කිරීමට හේතු වූයේ ඉන්දියාවේ අග විනිසුරුවරයා වන සූර්යා කාන්ට් විසින් කරන ලද මතභේදාත්මක ප්‍රකාශයකි.
අග විනිසුරු කාන්ට් මෙම ප්‍රකාශය කළේ අධිකරණයේ එක්තරා පෙත්සමක් විභාග වෙමින් තිබූ අවස්ථාවක යි. එය ඉන්දියානු රජයේ කටයුතු සහ ප්‍රතිපත්ති ආදිය විවේචනය කරන, රැකියා නොකරන තරුණ තරුණියන් කැරපොත්තන්ට සහ පරපෝෂිතයන්ට සමාන කරමින් කළ ප්‍රකාශයක් විය.

“කැරපොත්තො වගේ තරුණ පිරිසක් ඉන්නවා, රස්සා නැති, කිසිම වෘත්තියක තැනක් නැති.
“මේ සමහරු මාධ්‍යට සම්බන්ධ වෙනවා. සමහරු සමාජ මාධ්‍යකරුවන් වෙනවා. තවත් සමහරු එක එක ක්රියාකාරිකයන් වෙනවා. ඊට පස්සේ හැමෝටම පහර දෙන්න පටන් ගන්නවා” අගවිනිසුරුවරයා කර තිබුණේ මෙවැනි ප්‍රකාශයකි.
මෙම ප්‍රකාශය අභිජීත් තුළ යම් අප්‍රසාදයක් ඇති කර තිබූ බවක් පෙනිණි. ඒ නිසා ඔහු සිය X පිටුවේ ඊට ප්‍රතිචාරයක් ලෙස පෝස්ටුවක් පළ කළේය.
“සියළුම කැරපොත්තන් එකතු වුණොත් කොහොමද?” (What if all cockroaches come together? ) එම පෝස්ටුවේ සඳහන් වූයේ එවැන්නකි.
මෙය පළ කරද්දී ඔහු සිටියේ ඇමරිකාවේ ය. ඔහු දේශපාලන සන්නිවේදන උපාය මාර්ග පිලිබඳ විශේෂඥයකු වන අතර බොස්ටන් විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු ද වේ. (මේ වනවිට අභිජීත් නැවත ඉන්දියාවට පැමිණ සිටියි.)
ඉහත කී පෝස්ටුව පළ කිරීමත් සමග සිදු වූ දේ ඔහුවත් බලාපොරොත්තු නොවන්නට ඇත. එම පෝස්ටුව අතිශයින් ජනප්‍රිය වූ අතර ලක්ෂ ගණන් “කැරපොත්තන්ගෙන්” ඊට ප්‍රතිචාර ලැබෙන්නට පටන්ගත්තේය. ඉන්දියානු තරුණ තරුණියන් තුළ සැඟවී පැවති විරෝධයක් අභිජීත් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවාක් මෙන් වූයේය.

X පිටුවේ පළ කළ මේ පෝස්ටුවට මේ ආකාරයෙන් ප්‍රතිචාර ලැබෙද්දී අභිජීත් “කැරපොතු ජනතා පක්ෂය” නමින් වෙබ් අඩවියක්, ඉන්ස්ටග්‍රෑම් ගිණුමක් ආදිය ද ආරම්භ කිරීමට පියවර ගත්තේය.
අභිජීත් ආරම්භ කළ ඉන්ස්ටග්‍රෑම් පිටුවට දින තුනක් ඇතුළත followers ලා මිලියන 11 කට වැඩි ගණනක් එක්ව තිබිණි. මෝදි ගේ භාරතීය ජනතා පක්ෂයේ නිල ඉන්ස්ටග්‍රෑම් පිටුවට ඒ වනවිට followers ලා සිටියේ මිලියන 8 ක පමණ සංඛ්‍යාවකි. මෙම සටහන ලියන 12 වැනි දින වනවිට කැරපොතු ජනතා පක්ෂයේ ඉන්ස්ටග්‍රෑම් පිටුවේ followers ලා සංඛ්‍යාව මිලියන 22.2 ක් දක්වා ඉහළ ගොස් තිබිණි . භාරතීය ජනතා පක්ෂයේ නිල පිටුවේ followers ලා ගණන සටහන් වූයේ මිලියන 9.4 ක් ලෙසිනි. කැරපොතු පක්ෂයේ වෙබ් අඩවියට ද මේ ආකාරයෙන්ම ඉහළ ප්‍රතිචාර ලැබෙන්නට විය.
සති කිහිපයකට පෙර මේ ආකාරයෙන් සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් ලෙස බිහි වූ මෙම ව්‍යාපාරය මේ වනවිට ඉන්දීය රජයේ ඇතැම් ප්‍රතිපත්ති, වංචා දූෂණ, අකාර්යක්ෂමතා ආදියට එරෙහි මහ පොලොවේ ව්‍යාපාරයක් ලෙසින් ද පැතිරෙමින් තිබෙනු දැකිය හැකි වේ. මෙය ඉදිරියට යමින් ඇත්තේ ප්‍රධාන වශයෙන්ම තරුණ පරපුරේ ව්‍යාපාරයක් ලෙසිනි. ඒ නිසා ඔවුන්ට බලපාන රැකියා ගැටලු, අධ්‍යාපන ක්ෂේත්රයේ ගැටලු ආදිය ප්‍රධාන සටන්පාඨ වී තිබේ.
මේ වනවිට මෙම ව්‍යාපාරයේ ප්‍රධාන ඉල්ලීමක් වී ඇත්තේ ඉන්දියාවේ අධ්‍යාපන ඇමැති ධර්මේන්ද්‍ර ප්රදාන් ඉල්ලා අස්විය යුතුය යන්න යි. විශ්වවිද්‍යාලවලට ඇතුල් වීමේ විභාගවල දී සිදුවන අක්‍රමිකතා ආදිය මේ විරෝධයට ප්‍රධාන වශයෙන්ම හේතු වී තිබේ. විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම, අධ්‍යාපන ක්ෂේත්රයේ වංචා දූෂණ, ආයතනවල පවතින අකාර්යක්ෂමතා, අක්‍රමිකතා ආදිය ගැන විශාල විරෝධයක් දැකිය හැකි වේ.
ප්‍රශ්න පත්‍ර පිටවූ විට විභාග ප්‍රතිඵල අවලංගු කිරීම වැනි කටයුතු නිසා තරුණ සිසු සිසුවියන් විශාල වශයෙන් මානසික පීඩාවන්ට ගොදුරුවන අතර ඇතැම්හු දිවි නසා ගැනීමට පවා පෙළඹෙති. මෙවැනි කාරණා සම්බන්ධයෙන් කාලයක් තිස්සේම අවධානය යොමුවෙමින් තිබිණි.
අධ්‍යාපන ඇමැතිවරයා දින 7 ක් ඇතුළත ඉල්ලා අස්විය යුතු බවට බල කරමින් ජුනි 6 වැනි දින දිල්ලි නුවර දී මෙම ව්‍යාපාරයේ මෙහෙයවීමෙන් විරෝධතාවක් පැවැත්විණි. ඔවුන් සමාජ මාධ්‍ය වේදිකාවලින් පිටත මහ පොලොවේ පැවැත් වූ පළමු විරෝධතාව එය විය.

එයින් පසු ජුනි 11 වැනි දින තවත් විරෝධතාවක් පූනේ හි පවත්වනු ලැබූ අතර 12 වැනි දින තුන්වැනි විරෝධතාවක් ලක්නව් නගරයේ පවත්වන ලදී. මේවාට දහස් ගණනින් සිසු සිසුවියන් සහභාගි වී සිටිනු දැකගන්නට ලැබිණි. විරෝධතා පාලනය කිරීම සඳහා විශාල වශයෙන් පොලිස් බලඇණි යොදවා තිබෙනු ද දැකිය හැකි විය.
අභිජීත් දිප්කේ මේ සියලුම අවස්ථාවන්ට සහභාගි වූයේය.
ඉදිරි දිනවල ද තවත් නගරවල විරෝධතා පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ඔවුන්ගේ ඉල්ලීම පරිදි අධ්‍යාපන ඇමැතිවරයා ඉල්ලා අස්නොවුණහොත් නැවතත් දිල්ලි නුවර අඛණ්ඩ විරෝධතාවක් ජුනි 20 වැනි දින ආරම්භ කිරීමේ සූදානමක් ඇති බව ද වාර්තා වේ. ඇමැතිවරයා ඉවත්වන තෙක්ම දිල්ලියේ කඳවුරු බැඳගෙන සිටින බවට ඔවුන් සපථ කර ඇත.
කෙමෙන් බලවත් වෙමින් ඇති “කැරපොතු ව්‍යාපාරය” මේ වනවිට මෝදි රජයට හිසරදයක් බවට පත් වෙමින් ඇති ආකාරයක් දැකිය හැකි වේ. ඉන්දියාවේ විපක්ෂයට අයත් ඇතැම් පාර්ශ්ව ද කැරපොතු ව්‍යාපාරයට සහය දක්වමින් සිටිති.
මේ ආකාරයෙන් කෙමෙන් බලවත් වෙමින් ඇති “කැරපොතු ව්‍යාපාරය” මේ වනවිට මෝදි රජයට හිසරදයක් බවට පත් වෙමින් ඇති ආකාරයක් දැකිය හැකි වේ. ඉන්දියාවේ විපක්ෂයට අයත් ඇතැම් පාර්ශ්ව ද කැරපොතු ව්‍යාපාරයට සහය දක්වමින් සිටිති.
මෙම තත්වය තුළ මෙම ව්‍යාපාරයේ ව්‍යාප්තිය මර්ධනය කිරීම සඳහා ඉන්දීය රජය යම් පියවර ගනිමින් සිටින ආකරයක් ද දැකිය හැකිය. කැරපොතු ජනතා පක්ෂයේ ඇතැම් සමාජ මාධ්‍ය ගිණුම් සහ වෙබ් අඩවිය ඉන්දියාව ඇතුළත අවහිර කර ඇති බව ද පසුගිය දිනවල වාර්තා විය.
නිහාල් පීරිස්