ආගමික සහනයට වඩා බලගතු නිරාගමික සහනය
ඉරා අදුරුපට

ආගමික සහනයට වඩා බලගතු නිරාගමික සහනය

මිනිසාට ආගමක් අවශ්‍ය ද? යන සංවාදය ලොව පුරා නිබඳවම පවතින්නකි. එහිදී බොහෝ දෙනකුගේ අදහස වනුයේ, තමන්ගේ ලෞකික හා මරණයෙන් මතුව ඇතැයි විශ්වාස කරන පාරලෞකික අභිමථාර්ථ ඉටු කර ගැනීම හා ආරක්ෂාව තකා මිනිසා ස්වාභාවිකවම ආගම්වලට නැඹුරු…

මිනී දවන තැනක ඇති පුළුටු සහිත ගල්ලෙනක්
ඉරා අදුරුපට

මිනී දවන තැනක ඇති පුළුටු සහිත ගල්ලෙනක්

සොහොන් යකුන් යනු අප සමාජ සම්මතයේ එන යක්ෂ වර්ගයකි. ඔවුන්ගේ නායකයා අප රටේ චිරප්‍රසිද්ධ මහසෝනා ය. මහසෝනා සම්බන්ධයෙන් එන, දුටුගැමුණු රජුගේ ගෝඨයිම්බර යෝධයා හා සටන් වැද පරාජයට පත් රිටිගල ජයසේන පිළිබඳ පුරාවෘත්තය පසුකාලීනව එක්වූවක් බවත්,…

මළවුන්ගේ සන්තකයන් තුළ ගුප්ත බලයක් තිබේද?
ඉරා අදුරුපට

මළවුන්ගේ සන්තකයන් තුළ ගුප්ත බලයක් තිබේද?

“මියගිය මිනිසුන්ගෙන් ජීවත්වන මිනිසුන්ට බලපෑම් ඇති විය හැකිද?” යන පැනය මම සමාජයේ විවිධ තරාතිරම්වලට අයත් පුද්ගලයන්ගෙන් වරින් වර අසා ඇත්තෙමි. වැඩිම පිරිසකගේ පිළිතුර වූයේ, ජීවත්වන මිනිසුන්ට යම් යම් බලපෑම් කිරීමේ අධිමානුෂීය බලයක් මළවුන් සතුව පවතින…

මුස්ලිම් කතුන් දෙස අමුතු ඇසකින් බලන්නේ ඇයි?
ඉරා අදුරුපට

මුස්ලිම් කතුන් දෙස අමුතු ඇසකින් බලන්නේ ඇයි?

පසුගිය දිනෙක මම ගම්පහ ආසන්නයේ මගේ මිතුරියකගේ නිවසේ පැවැති සාංඝික දානමය පුණ්‍ය කර්මයකට සහභාගී වීමි. සිංහල බෞද්ධ පරිසරයක ඉපිද හැදී වැඩී, සිංහල මාධ්‍යයෙන් පාසල් සහ සරසවි අධ්‍යාපනය ලැබූ මට එය කෙසේවත් නුහුරු නුපුරුදු අත්දැකීමක් නොවේ.…

යක්කුත් කතා කරවන අපේ තොවිල්
ඉරා අදුරුපට

යක්කුත් කතා කරවන අපේ තොවිල්

“බුදුන්ගේ අණසක හා බුද්ධ රශ්මියේ බලය, මහා සම්මත රාජ ආඥාව සහිත මේ ශුද්ධ භූමියට පැමිණි තා කවුද?” ​රාත්‍රී මැදියම පසුවීමත් සමඟ තොවිලයේ ප්‍රධාන ඇදුරා හෙවත් ගුරුන්නාන්සේගේ ප්‍රතාපවත් හඬ, එතෙක් බෙර හා මන්ත්‍ර හඬින් පිරී තිබූ…

දරුවා යනු තෙත මැටි ගොඩක් ; ඉන් වඩා උචිත දේ ඇඹීම ඔබේ වගකීමක් – නජීලා අදිකාරී
ඉරා අදුරුපට

දරුවා යනු තෙත මැටි ගොඩක් ; ඉන් වඩා උචිත දේ ඇඹීම ඔබේ වගකීමක් – නජීලා අදිකාරී

මෑතක නුවර ප්‍රසිද්ධ බාලිකා පාසලක පුහුණු සැසියකට සම්බන්ධ වූ පුහුණු වන ගුරුවරියකට අපූරු සිදුවීමකට මුහුණ දෙන්න සිදු වුණා. ඇයට නියමිත වෙලා තිබුණේ දෙවැනි ශ්‍රේණියේ සිසුන්ට දෙමළ පාඩමක් සිදු කිරීමට. ඇය නිර්මාණය කර ගෙන ආ ප්‍රදර්ශන…

තම මතක වස්ත්‍ර පූජාවට බාධා කළ මියගිය කාන්තාව
ඉරා අදුරුපට

තම මතක වස්ත්‍ර පූජාවට බාධා කළ මියගිය කාන්තාව

​මීට වසර හතළිහක පමණ පෙර අපේ ගම් කෙළවරේ පැරණි නිවසක වියපත් වැන්දඹු කාන්තාවක් ජීවත් වූවා ය. සැරපරුෂ ගති පැවතුම් ඇත්තියක වශයෙන් කලින් සිටම කවුරුත් දැන සිටි ඇය, තම ජීවිතයේ අවසන් භාගයේ හුදකලා වීමට එක්තරා හේතුවක්…

පත්තිනි අම්මාගෙන් “පුරුෂ සම්පතක්”
ඉරා අදුරුපට

පත්තිනි අම්මාගෙන් “පුරුෂ සම්පතක්”

දේවාරූඪයන්ට සේම යක්ෂාරූඪයන්ට පත්ව ශාස්ත්‍ර කීමේ යෙදෙන කාන්තාවන් පිළිබඳව අපි කෙතෙකුත් අසා ඇත්තෙමු. එලෙස තමන්ට ලැබෙන දේවාරූඪයක් සතුරන්ට පහර දීම පිණිස පමණක් යොදාගන්නා අරුම පුදුම කාන්තාවක මීට වසර පහළොවකට පමණ පෙර වන්නි හත්පත්තුව නමින් හැඳින්වෙන,…

මිනිසා තැනූ ලොව බිහිසුණුම ජලාශය කොත්මලේ ද?  – වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ
ඉරා අදුරුපට

මිනිසා තැනූ ලොව බිහිසුණුම ජලාශය කොත්මලේ ද? – වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ

​වර්ග කිලෝමීටර් 6.5 ක වපසරියක පැතිරුණු, මුහුදු මට්ටමේ සිට මීටර් 640 – 703 අතර උසකින් යුක්ත, ඝන මීටර මිලියන 174 ක ජල ධාරිතාවක් සහිත, පූර්ණ වශයෙන් කළු ගල් අතුරා සකස් කළ, උස මීටර් 15 ක්…

පරලොවින් ආ තලගොයි පැටවා
ඉරා අදුරුපට

පරලොවින් ආ තලගොයි පැටවා

1994 සහ 1995 වසරවල මම සබරගමුව ආශ්‍රිත සිරිපා හිමය සම්බන්ධ ජනශ්‍රැති එක්රැස් කිරීමේ කාරියක යෙදී සිටියෙමි. ඒ සඳහා මට විශිෂ්ට සහයෝගයක් දක්වන ලද්දේ මේ වන විට ශ්‍රී පලාබද්දල චන්දිමාලෝක නමින් පැවිදි බිමට පත් ශ්‍රී පලාබද්දල,…

error: Content is protected !!