මුත්තා දෙවියන් නිදන් කොල්ලකෑම් නතර කරන හැටි බලා සිටියෙමි
වත්මන් කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් අතීතයේ සිට හත් කෝරලයේ වන්නි හත්පත්තුව නමින් හැඳින්වෙන ප්‍රදේශයේ එක්තරා වනගත බිමක තරමක අසාමාන්‍ය හැඩයකින් යුතු ගල් කුලක් තිබේ. පොළොවේ සිට අඩි විස්සක් පමණ උසට කේතු රූපාකාර ස්වභාවයකින් ඉහළට නැංවුණු පාෂාණ…









