කොවිඩ් ආසාදිත ගර්භණී කාන්තාවන්ගේ ඉහළ යාමක් පෙන්නුම්කරන බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
එම තත්ත්වය තුළ පිරිස් ඒකරාශී වන ස්ථාවල ගැවසීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අංශ ගර්භණී කාන්තාවන්ගෙන් ඉල්ලා සිටී.
ගැබිනි මවුවරුන් එන්නත් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක බැවින් ආසාදිත ගැබිනි මවුවරුන් අතර අසාධ්‍ය තත්වයේ පසුවන කිසිවකුත් නැතැයි කී නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සනත් ලැනරෝල් මහතා කොවිඩ් දෙවන මාත්‍රාව ලබාගෙන සති 12ක් ගතවූ පසුව බූස්ටර් මාත්‍රාව ද ලබාගන්නැයි ගැබිනි මවුවරුන්ගෙන් ඉල්ලීමක් කරන බව සඳහන් කළේය.
පසුගිය කාලයේදී ජනතාව සෞඛ්‍ය නිර්දේශ නොතකා කොවිඩ් තත්වය අමතකර කර කටයුතු කිරීම නිසා මේ වන විට කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන බව ද වෛද්‍ය සනත් ලැනරෝල් මහතා කීවේය.